විදුලි ගාස්තු සඳහා නව ප්‍රතිපත්තියක් අවශ්‍යයි. -විදුලි පාරිභෝගික සංගම්.

Friday, 03 May 2013 - 8:26

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A.

ඉහළ දැමූ විදුලිබිල සම්බන්ධයෙන් ලබාදුන් සහන පිළිබඳව ගැටළු පවතින බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසනවා. ජනාධිපතිවරයාගේ නියමයෙන් ඉහළ දැමූ විදුලිබිලට සහනයක් ලබාදීමට විදුලිබල අමාත්‍යාංශය විසින් පියවර ගත් අතර අදාළ සහනය ඊයේ (02* ප්‍රකාශයට පත්කළා. ඒ අනුව ඒකක 60 දක්වා විදුලි බිලෙහි වැඩි වීමක් සිදුවන්නේ නැහැ. එමෙන්ම ඒකක හැට එකේ සිට එකසිය අසූව දක්වා වන ඉන්ධන ගැලපුම් ගාස්තුව 25% කින් අඩු කිරීමටද තීරණය කර තිබෙනවා.

මේ අනුව ඒකක හැට එකේ සිට ඒකක හැට හය දක්වා ඒකක හැටේ ගාස්තුව අය කිරීමටද, ඒකක අනූ එකේ සිට අනූ හය දක්වා ඒකක අනූවේ ගාස්තුවද අය කෙරෙනු ඇති. එමෙන්ම ඒකක එකසිය විසි එකේ සිට ඒකක එකසිය විසිහය දක්වා අය කරන්නේද ඒකක එකසිය විස්සේ ගාස්තුව පමණක් බවයි විදුලිබල අමාත්‍යාංශ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර සඳහන් කළේ ලබාදුන් මෙම සහනයන්හි ගැටළු පවතින බවයි.

rn

[MP3]s58230_1[/MP3]
 
නව ප්‍රතිපත්තියකට අනුව විදුලි ගාස්තු ක්‍රමය සකස් කළ යුතු බවද ඔහු සඳහන් කළා.

[MP3]s58230_2[/MP3]

මේ අතර, ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ ආණ්ඩුවට ජනතාවගෙන් නැගුණු විරෝධය විදුලිබිලට පමණක් සීමා නොවන බවයි.

[MP3]s58230_3[/MP3]

කෙසේ වෙතත්, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ඉහළ දැමූ විදුලිබිලට ජනපති නියමයෙන් ලබාදුන් සහනය පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු එහි ප්‍රධාන ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර.

 [MP3]s58230_4[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More