ජපාන සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරු ජනපති හමුවෙයි.

Friday, 03 May 2013 - 8:59

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



මෙරට නිල සංචාරයක නිරතව සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය ටී. සුරපොන්ග් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. මෙහිදී දෙරට අතර ආයෝජන හා වෙළඳ සහයෝගිතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. විශේෂයෙන් මීළඟ වසර 03 ඇතුළත ශ්‍රී ලංකාව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 01 ක පමණ වෙළඳ ගණුදෙනු සිදුකිරීමට තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් සිය කැමැත්ත පළ කර තිබෙනවා. මීට අමතරව, මියන්මාරයේ ක්‍රියාත්මක වන වරාය ව්‍යාපෘතියට හවුල් වන ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ආරාධනාවක් ද සිදුකර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡුන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට සහය පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය ද පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කළේ. තායි අගමැතිනි යින්ලක් ෂිනවත්‍රා ද ලබන මැයි 31 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මේ අතර, මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තාරෝ අසෝද ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. මෙහිදී ආර්ථික හා දේශපාලන වශයෙන් අඛණ්ඩව ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බවයි ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

 [MP3]s58238[/MP3]

විශේෂයෙන් මෙරට බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීමට ජපාන නියෝජ්‍ය අග්‍රමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා. මීට අමතරව ආර්ථික සහයෝගීතාවය හා ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර දීර්ඝ වශයෙන් සාකච්ජා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කළේ.



මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 13:03

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More

බකමූණේ අනතුරකින් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මරුට
Tuesday, 02 June 2020 - 13:00

දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දමනයාය ප්‍රදේශයේදී අද උදෑසන... Read More

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගෙන්, ස්ථාන 6ක පුහුණු කඳවුරු 10ක් - ජනපති කොමිසමේදී හෙළිවේ
Tuesday, 02 June 2020 - 12:57

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් දිවයිනේ ස්ථාන 06කදී කඳවුරු... Read More