පේරාදෙණිය සරසවි තීරණය වැරදියි. - ප්‍රතිපාදන කොමිසම.

Friday, 03 May 2013 - 13:10

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයට සිය කොමිසම විසින් යොමුකළ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත, විදේශීය සිසුන් 10 දෙනා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කිරීම වැරදි තීරණයක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගත් මෙම තීරණය සාකච්ඡා කර විසඳා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි එහි සභාපතිනි, මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම කියා සිටියේ. පේරාදෙණිය වෛද්‍ය පීඨයට මෙම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යොමුකර තිබුණේ රුපියල් හැත්තෑපන් ලක්ෂයක් වටිනා උපාධියක් සඳහායි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම.

[MP3]s58256_1[/MP3]

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් විදේශීය සම්භවයක් සහිත ශ්‍රී ලාංකීය සිසුන් 10 දෙනෙකු එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගැනීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මීට පෙර තීරණය කර තිබුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් විසින් දැඩි විරෝධය පළ කළ අතර ඒ අනුව, ඊයේ දිනයේ අදාළ තීරණය අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විදේශීය සිසුන් බඳවා ගැනීමට මීට පෙර ගත් තීරණයට ශිෂ්‍ය නියෝජිතයන්ගේ අනුමැතියක් ලබා නොගත් බවයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සඳහන් කළේ. කෙසේ වුවත්, ඊයේ දිනයේ මෙම තීරණය තාවකාලිකව අහෝසි කළ ද ඉදිරියේදී එවැන්නක් සිදුවන්නේ ද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දිමුතු ගුණසේකර පැවසුවේ.

[MP3]s58256_2[/MP3]

කෙසේ වුවත්, පසුගිය සඳුදා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ විශ්වවිද්‍යාලවලට විදේශීය සිසුන් බඳවා ගැනීම සාමාන්‍ය සිදුවීමක් බවයි.

[MP3]s58256_3[/MP3]



නාකොටික් නඩු ගබඩාවේ හෙරොයින් රස පරීක්ෂකගේ පරීක්ෂාවට
Thursday, 09 July 2020 - 19:47

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 19:43

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළ ගොස්... Read More

ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමුවලට
Thursday, 09 July 2020 - 19:39

පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ... Read More