කැනඩාව,සතුරු බලවේග ශක්තිමත් කරන බවට ශ්‍රී ලංකාවෙන් චෝදනා.

Friday, 03 May 2013 - 13:14

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%2C%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.



ලබන නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන බවට තර්ජනය කිරීමෙන් කැනඩාව මෙරට සතුරු බලවේග ශක්තිමත් කරන බව කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වගීශ්වර පවසනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනඩාව මෑතකදී ගෙන ඇති පියවර අසාමාන්‍ය බවයි ඇය පෙන්වා දෙන්නේ. එය ඇතැම් කණ්ඩායම්වල හඩ ශක්තිමත් කිරීමට හේතු වී තිබෙනවා. 2013 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්විය යුතු රට මීට වසර කිහිපයකට පෙර තීරණය කරනු ලැබූයේ එම මණ්ඩලයේ රාජ්‍ය නායකයන් විසින්මයි. කැනඩාව එම තීරණයට පිටුපෑම පිළිගත නොහැකි බවයි කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය පෙන්වා දෙන්නේ. දශක 3 කට වැඩි කාලයක් මෙරට පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමෙන් පසු, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවේ සහය අවශ්‍යවී තිබෙනවා. පශ්චාත් යුධ අභියෝගයන් ජය ගැනීම සඳහා එවැනි සහයක් ලබා දෙනු වෙනුවට කැනඩාව අසාධාරණ අන්දමින් ශ්‍රී ලංකාව විවේචනය කිරීම සතුරු බලවේග පණගැන්වීමක් ලෙස හැඳින්විය හැකියි. කැනඩාවේ සිටින දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව එරට නායකයන් යොමුකරලීම රහසක් නොවන බවයි මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත්, කැනඩාවේ අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් කොළඹ පැවැත්වෙත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවනු ඇතැයි එරට පුවත්පතක් අද ප්‍රකාශ කළා. එය කැනඩාවේ සිටින දෙමළ ජාතිකයන් අතර, ජනප්‍රිය තීරණයක් වනු ඇති බවයි හෆින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළේ.

rn

 



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More