ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය.

Friday, 03 May 2013 - 13:40

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික සහ පුරවැසි කටයුතු පිළිබඳ අමාත්‍ය බ්‍රෙන්ඩන්  ඕ කොනර් කොළඹදී අද මාධ්‍ය හමුවකට එක්වුණා. මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාව වෙත නීතිවිරෝධී ලෙස ගමන් කරන පිරිස් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග එහිදී ඔහුගේ ප්‍රශංසාවට ලක්වුණා.

[MP3]s58262_1[/MP3]

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා වැදගත් වන බවයි  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

[MP3]s58262_2[/MP3]

 ඕස්ට්‍රේලියානු සංක්‍රමණික අමාත්‍ය බ්‍රෙන්ඩන්  ඕ කොනර් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ ද ඊයේ (02) මුණ ගැසුණා. මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර ද්වීපාර්ශවික සහයෝගිතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බවයි නාවික හමුදා වෙබ් අඩවිය සඳහන් කළේ.



සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත්
Sunday, 07 June 2020 - 12:08

රජයේ සියළුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්... Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sunday, 07 June 2020 - 11:04

පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට
Sunday, 07 June 2020 - 11:01

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More