හෙටත් බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට වැසි.

Friday, 03 May 2013 - 18:52

%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

1999 වසරෙන් පසුව කටුනායක ප්‍රදේශයට ඇද හැලූණු වැඩිම වර්ෂාපතනය අද (03) වාර්තා වුණා. අද (03) උදෑසන 8.30 සිට පස්වරු 2.30 න් අවසන් වූ පැය 6ක කාලය තුළ කටුනායක ප්‍රදේශයට මිලිමීටර් 216යි දශම එකක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. 1999 වසරේ එම  ප්‍රදේශයට වාර්තා වී තිබූ වර්ෂාපතනය මිලිමීටර් 266යි දශම 8ක්.  

 

මේ අතර, නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම සඳහා වායුගෝලය හැඩ ගැසෙමින් පවතින බැවින් හෙට (04) දිනයේත්, බස්නාහිර පළාතට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම තත්ත්වය පස්වරුව වන විට දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ද පැතිර යා හැකි බවයි.

 

[MP3]s58287_1[/MP3]                                                                                

ඊයේ (02) රාත්‍රියේ ඇද හැලූණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් මහනුවර - අකුරණ ප්‍රදේශයේ නිවාස 3කට අර්ධ හානි සිදුව තිබෙනවා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ලාල් සරත් කුමාර කියා සිටියේ එහිදී පුද්ගලයින් 14 දෙනෙකුට පීඩා සිදුව ඇති බවයි.

 

[MP3]s58287_2[/MP3]                                                                                      

 

මේ අතර, මාතර - වල්ගම - සුනන්ද මාවත ප්‍රදේශයට වැසි සමග කුඩා ඉබ්බන් පතිත වී ඇතැයි ප්‍රදේශවාසියෙක් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. මාතර - සුනන්ද මාවතේ පදිංචි උපුල් චන්දන ඒ සම්බන්ධයෙන් විස්තර කළේ මෙලෙසින්.

 
[MP3]s58287_3[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More