ඬේවිඞ් කැමරන් ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට.

Saturday, 04 May 2013 - 12:56

%E0%B6%AC%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ශ්‍රී ලංකා විරෝධී කණ්ඩායම්වල ඉල්ලීම් නොතකමින් බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත අද (04) හෙළිදරව් කළා. එමගින් සදහන් කළේ මහරැජිණ විසින් විවෘත කිරීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිවරයාට නොපැමිණ සිටීමේ හැකියාවක් නොමැති බවයි. බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම පුවත්පත තවදුරටත් කියා සිටියේ ගැටළුවෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් දැකීමේ නිවැරදි මඟ නොවන බවයි. ලක් රජයට ප්‍රගතිශීලී පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කිරීමෙන් ප්‍රතිඵලයක් අත්නොවන බවත්, බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා. ඒ වෙනුවට ඉදිරි සමුළුවේදී පොදුරාජ්‍ය මණ්ඩලීය අගයන් මත කටයුතු කිරීම වැදගත්. ලෝක නායකයන් සහ ජගත් ජනමාධ්‍ය මෙම සමුළුවට එක්වීමෙන් ශ්‍රී ලංකාවට දීප්තිමත් ආලෝකයක් දැක ගැනීමේ අවස්ථාවක් වනු ඇති. එහිදී මෙතෙක් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙන්ම, තවත් කළ යුතු දෑ පිළිබද අවබෝධ කර ගත හැකියි.

 

බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්  සිය ශ්‍රී ලංකා චාරිකාව රටේ තත්ත්වය සියැසින් දැක බලා ගැනීම සඳහා යොදා ගනු ඇති බවත් බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයා සඳහන් කළා. එහිදී ශ්‍රී ලංකාව කවර අංශවලින් ප්‍රගතියක් ලබා ගත යුතු ද යන්න පිළිබද එහිදී ඔහුට අවබෝධයක් ලබා ගැනීමට හැකි වන බවයි ඔහු උපුටා දක්වමින් ටෙලිග්‍රාෆ් පුවත්පත සදහන් කළේ.

 



උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා ලක් රජය දිරි ගැන්වීමත්, ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීමටත් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වැදගත් වනු ඇති බව බ්‍රිතාන්‍ය රජයේ අදහසයි. එහිදී මානව හිමිකම් සුරැකීම, සංහිදියා ක්‍රියාමාර්ග සහ දේශපාලන විසදුමක් කරා එළැඹීමට ලක් රජය වෙත පැහැදිලි පණිවුඩයක් ලැබෙන බවත් රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ටෙලිග්‍රාෆ් පුවත්පත වැඩිදුරටත් සදහන් කළා.

 
කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව ප්‍රකාශ කර ඇත්තේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් පමණයි. එහෙත් පොදුරාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් 54 දෙනා අතර ප්‍රබල මත වෙනසක් ඇති නොවන්නේ නම් කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ හඬ හුදෙකලා වනු ඇති බව වෑන්කූවර් සන් පුවත්පත පවසනවා.  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. එමෙන්ම සමුළුව වර්ජනය කිරීම ප්‍රතිඵලදායක නොවන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. බ්‍රිතාන්‍යය ද කැනඩාව අනුගමනය කරන සෙයක් දිස් නොවන බවයි එම පුවත්පත ප්‍රකාශ කළේ.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More