අපේ අලියෙක් වෙනුවෙන් හොලිවුඩ් නිළියක්.

Saturday, 04 May 2013 - 18:51

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පිලිපීනයේ මැනිලා නුවර සත්වෝද්‍යානයේ රඳවා සිටින මාලි නැමැති ශ්‍රී ලාංකික අලියා, වනසත්ව අභය භූමියක් වෙත මුදාහරින ලෙස සුප්‍රකට හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇය තම ඉල්ලීම පිලිපීන ජනාධිපති බෙනින්යෝ අකීනෝ වෙත යොමුකර ඇත්තේ ලිපියක් මගින්. මාලි 1980 වසරේදී මැනිලා සත්වෝද්‍යානයට ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කෙරුණු අතර, එම සත්වයාට නිදහස් පරිසරයක වාසය කිරීමට අවස්ථාව සලසාදෙන ලෙසයි හොලිවුඩ් නිළිය ඉල්ලා සිටින්නේ. වන සත්ව සංරක්ෂණ සංවිධාන රැසක්ම එවැනි ඉල්ලීමක් සඳහා තමා යොමු කළ බවත් ඇය කියා සිටියා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ මෙම අලියා පිළිබඳව කරුණු සොයා බලන බවයි.

[MP3]s58347_1[/MP3]

මේ අතර, අම්පාර, ගෝනගල, ගලපිටගල සහ ගොනාගොල්ල ගම්වාසීන් භීතියට පත් කළ වන අලියෙකු වනජීවි නිලධාරීන් විසින් ඊයේ (03) පස්වරුවේ අල්වාගෙන තිබෙනවා. එම වන අලියා බර වාහනයක පටවා කුමන අභයභූමිය වෙත රැගෙන යමින් සිටියදී එම වාහනය ඔකද ප්‍රදේශයේ දී අනතුරකට ලක්වී ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. ඒ අනුව වන අලියා කුමන රැගෙන යාම වෙනුවට වනජීවි නිලධාරීන් විසින් ඔකද - ඉටිකලපුව ප්‍රදේශයට මුදා හැර තිබෙනවා. මේ අතර, ඊයේ රාත්‍රියේ වැල්ලවාය - නයිගල්ආර ප්‍රදේශයේ නිවසක් කඩා බිද දැමූ වන අලියෙකු පිළිබදව ද වාර්තා වුණා. වන අලි ප්‍රහාරයෙන් නිවසේ විදුලි කාන්දුවක් ද සිදුව ඇති බවයි එහි නිවැසියන් අප වාර්තාකරු වෙත ප්‍රකාශ කළේ.

මේ අතර, මහියංගනය - විලම්පනේ සහ පනහ කණුව ප්‍රදේශවල සැරිසරන වන අලි රංචුවක් එහි නිවාස 16 කට පමණ අලාභ හානි සිදුකර ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. සිය වගාබිම් විනාශ කරන ජීවිත තර්ජනයක් වන මෙම වන අලින් පිළිබඳව බලධාරීන් වෙත දැනුම් දුන්නද කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි ඔවුන් චෝදනා කළේ.

කෙසේ වෙතත්, අලි - මිනිස් ගැටුමට හැකි උපරිම අයුරින් මැදිහත් වන බවයි වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළේ.

[MP3]s58347_2[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More