අසාත් සාලි තවමත් උපවාසයේ.

Saturday, 04 May 2013 - 19:35

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A.

රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාත් සාලි කොළඹ ජාතික රෝහල තුළද උපවාසයක නිරත වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. ආහාර නොගැනීම හේතුවෙන් රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඊයේ ඇතුළත් කළ ඔහුගේ සුවදුක් බැලීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අද (04) එහි ගියා. අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්.

[MP3]s58354_1[/MP3]

මේ අතර, කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාත් සාලි අධිකරණයට ඉදිරිපත් කර ඔහුට අදාළ චෝදනා විභාග කරන ලෙස නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න රජයෙන් ඉල්ලා සිටියා ඒ, කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s58354_2[/MP3]

කෙසේ වෙතත්, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල, අසාත් සාලි අත්අඩංගුවට ගැනුණු පසුගිය 02 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව හේතු පැහැදිලි කළේ මෙලෙසින්.

[MP3]s58354_3[/MP3]



මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More