පළාත් පාලන සීමා නිර්ණයට මාස 6ක් කල් ඉල්ලයි.

Sunday, 05 May 2013 - 7:44

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ කටයුතු සඳහා තවත් මාස 06 ක පමණ කාලයක් අවශ්‍ය බව පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරණායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පළාත් පාලන සීමා නිර්ණය කටයුතු මේ මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ බවයි. එහෙත් එහි කටයුතු නිශ්චිතව සිදුකිරීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බවයි ඔහු ප්‍රකාශ කළේ.

[MP3]s58361_1[/MP3]

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණ සඳහා මෙම ප්‍රමාදය බල නොපාන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
 
[MP3]s58361_2[/MP3]