බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ තීරණයට මානව හිමිකම් සංවිධානවලින් විරෝධය.

Sunday, 05 May 2013 - 13:32

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීමට තීරණය කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරට මානව හිමිකම් සංවිධානවල අප්‍රසාදය පළව ඇතැයි චැනල් ෆෝ නාලිකාව අද වාර්තා කළා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සමුළුවට සහභාගි වීම අර්බුදකාරි තත්ත්වයක් බවයි අදාළ වාර්තාවේ දැක්වුණේ. ශ්‍රී ලංකාවට එරෙහිව නිරන්තරයෙන් ප්‍රචාර නිර්මාණය කරන චැනල් ෆෝ නාලිකාව එංගලන්තයේ ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ සංවිධානයක මතය ද ඊට අදාළව ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත ඊයේ වාර්තා කළේ අගමැති කැමරන්   ශ්‍රී ලංකා විරෝධී කණ්ඩායම්වල ඉල්ලීම් නොතකමින් නියත වශයෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බවයි. පැපුවා නිව්ගිනියාව ද ඊට සහභාගි වන බව අද තහවුරු කර තිබුණා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සිය සංචාරයේදී ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද බලාපොරොත්තු වනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බවට දැඩි ප්‍රචාරයක් ගෙන ගියේ කැනඩාවයි. කෙසේ වෙතත්, තම නියෝජිත කණ්ඩායමක් ඊට යොමුකිරීමට සූදානම් බව ඔවුන් පසුගියදා ප්‍රකාශ කළා.  ඕස්ට්‍රේලියාව මෙන්ම නවසීලන්තය ද මේ වනවිටත් නොවැම්බරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය නායක රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව තහවුරු කර තිබෙනවා.

මේ අතර, නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ආරාධනාපත් අදාළ රටවල් වෙත භාරදීම මේ වනවිට සිදුකරමින් පවතිනවා. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය හරහා එම කටයුතු මෙහෙයවන බවයි.



අකිල විරාජ් යනු පොඩි ළමයෙක් - රංජිත් මද්දුම බණ්ඩාර (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 18:21

සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස... Read More

බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More