ඉන්ෆ්ලූවෙන්සා සෙම සහ රුධිර පටල පරීක්ෂාව පැය 24 පුරා.

Sunday, 05 May 2013 - 18:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B6%A7%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F.

‘‘ඉන්ෆ්ලූවෙන්සා ඒ ’’ රෝගයට අදාළව රුධිර සාම්පල් පරීක්ෂා කිරීම සහ  සෙම පටල පරීක්ෂා කිරීම විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා එය වඩාත් විධිමත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව, දවසේ පැය 24 පුරා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රුධිර සාම්පල හා සෙම පටල පරීක්ෂාව සිදුකිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.


මීට අමතරව, දිවයින පුරා සියලූ ප්‍රධාන රෝහල්වල ‘‘ඉන්ෆ්ලූවෙන්සා ඒ ’’ රෝග විනිශ්චය කිරීමේ කටයුතු පුළුල් කිරීමට ද වසංගත රෝග විද්‍යා ඒකකය විසින් පියවර ගෙන තිබෙනවා.

මීට සති කිහිපයකට පෙර කාසල් වීදියේ කාන්තා රෝහලේ ගැබිණි මව්වරුන් කිහිපදෙනෙකුට ‘‘ඉන්ෆ්ලූවෙන්සා ඒ ’’ වෛරසය ශරීරගතවී ඇති බවට හඳුනා ගත් අතර, එහිදී වෛරසය ශරීරගත වුණු ගැබිනි මව්වරුන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණා. මේ වනවිටත්, කාසල්වීදියේ කාන්තා රෝහලේ ‘‘ඉන්ෆ්ලූවෙන්සා ඒ ’’ වෛරසය ශරීරගත වූ ගැබිනි මව්වරුන් 8 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ද සොයිසා කාන්තා රෝහලේ එක් ගැබිනි මවක් ප්‍රතිකාර ලබනවා. ගැබිනි මව්වරුන්ට අමතරව, වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්, පාසල් යන වයසේ පසුවන ළමුන් සහ නිදන් ගත රෝග තිබෙන පුද්ගලයන් ‘‘ඉන්ෆ්ලූවෙන්සා ඒ ’’ රෝගයේ අවදානම් පිරිස් ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නම් කර ඇති බව සඳහන්. ‘‘ඉන්ෆ්ලූවෙන්සා ඒ ’’ රෝගය සම්බන්ධයෙන් වන ප්‍රතිකාර සේවා පුළුල් කිරීම පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය වෙත කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල.

[MP3]s58408_2[/MP3]

මේ අතර, පසුගිය සති දෙක ඇතුළත ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ශරීරගත වී ඇති බවට සැකකෙරෙන රෝගින්ගේ රුධිර සාම්පල 532ක් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එම රුධිර සාම්පල පරීක්ෂා කිරීම්වලදී පුද්ගලයන් 117 දෙනෙකුට ඉන්ෆ්ලූවෙන්සා වැලදී ඇති බවට ද හඳුනාගෙන තිබෙනවා. ඔවුන් 117 දෙනාගෙන් පුද්ගලයන් 42කට එච් වන්, එන් වන් නැමැති ඉන්ෆ්ලූවෙන්සා ප්‍රභේදය ඇති බව ද වාර්තා වනවා.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More