සීනිගම දෙවොලේ මුදල් මළු දෙකක් අතුරුදන්.

Sunday, 05 May 2013 - 18:57

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.



සීනිගම දෙවොල් මහා දේවාලය ප්‍රසිද්ධියක් උසුලන්නේ අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන ස්ථානයක් ලෙසටයි. දෙවොල් දෙවියන්ට කැප කළ මෙම දේවාලය වෙත පැමිණෙන බැතිමතුන් තමන්ට සිදුවූ අසාධාරණයට දඩුවම් ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ අපරාධකරුවන් සිහි කර මිරිස් ඇඹරීම ද සිදුකරමින්. එහෙත් ඊයේ (04) රාත්‍රියේ එම දේවාලය තැන්පත් කර තිබූ පඬුරු මුදල් තොගයක් දෙවියන්ට ද සොරා අතුරුදන්ව තිබෙනවා.
 
මෙසේ අතුරුදන්වූ මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 3 කට ආසන්න බවයි මීටියාගොඩ පොලීසිය සදහන් කළේ. මහජනතාව විසින් දේවාලයට ලබා දෙන ප`ඩුරු සහිත මුදල් ගණන් කිරීම එහි භාරකාර මණ්ඩලය විසින් ඊයේ (04) සිදුකර තිබෙනවා. කොටසක් ගණනය කර ඇති අතර ඉතිරි ප්‍රමාණය අද (05* දිනයේ සිදුකිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. නමුත්, අද (05) දේවාලයට පැමිණ පරීක්ෂා කළත් අදාළ මුදල් මළු එහි තිබී නැහැ. පසුව, සීනිගම දෙවොල් මහා දේවාලයේ භාරකාර මණ්ඩලය මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසියට පැමිණිල්ලක් ද සිදුකළා. දේවාලයේ ගොඩනැගිල්ලේ වහලයේ උළු ගලවා මෙම මුදල් පැහැර ගෙන ගොස් ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. මෙම සොරකම සිදුව ඇත්තේ ද සීනිගම දේවාලයට නව භාරකාරවරයෙකු පත් කර මාස දෙකක් පමණ ගත වීමට නියමිතව තිබියදියි. කෙසේ වෙතත්, මෙම මුදල් සොරකමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඒ සඳහා මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයට අමතරව ඇල්පිටිය, කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මොරටුවේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම් ඉල්ලූ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 18:13

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම්... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියට ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Tuesday, 02 June 2020 - 18:06

මාළිගාවත්ත - ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි... Read More