අකුණු වැඩියි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

Sunday, 05 May 2013 - 19:39

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80.


පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඉදිරි දින කිහිපය තුළ දී ගිගුරුම් සහිත වැසි සමග අකුණු වර්ධනය වීමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගූ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ තත්ත්වය පිළිබද ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මෙම වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබද හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගූ.

[MP3]s58420[/MP3]

මේ අතර බදුල්ල - කඳන ගම්මානයේ අඩි 700ක් ඉහල තල්ලන්ද කන්දේ සිට ගල් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් අද (05) පෙරවරුවේ එම නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු නොසිටි බවයි වාර්තා වන්නේ. පවතින වැසි කාලගුණය සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.



සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More

ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂය අභියස
Monday, 25 May 2020 - 7:27

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54 ලක්ෂ 97,000 ඉක්මවා... Read More

කොවිඩ් ගැන දැඩිව නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක
Monday, 25 May 2020 - 7:24

කොරෝනා වෛරසය තවදුරටත් සමාජය තුළ පවතින්නේ ද, සෞඛ්‍ය ආරක්ෂික... Read More