තවත් රන් ජාවාරම්කරුවන් රට පුරා. මහ මොළකරු සොයා පරීක්ෂණ.

Monday, 06 May 2013 - 13:01

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F.++%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.


 

මහා භාණ්ඩාගාරයට අයත් රත්‍රං ලබාදෙන බව පවසා ජනතාවගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරම් කල්ලි කිහිපයක් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙවැනි එක් කල්ලියක් බස්නාහිර උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවට ගැනුනා.

මහා භාණ්ඩාගාරයට අයත් රුපියල් ලක්ෂ 5000 ක් වටිනා රත්‍රං කිලෝ ග්‍රෑම් 100 ක් විකිණීමට ඇති බව පවසමින් මූල්‍ය වංචාවක් සිදුකිරීමට සූදානම් වූ පුද්ගලයන් 11 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.  අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායකයෙකුගේ බිරිඳක් සහ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයෙකුද සිටින බවට වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වුණා.  

මෙම රත්‍රං ජාවාරමට සම්බන්ධ තවත් කල්ලි කිහිපයක් සිටින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති අතර සිද්ධීන් ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ උපායශීලී පරීක්ෂණ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක බව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ප්‍රකාශ කළා. මෙවැනි ජාවාරම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.

 

රත්‍රං ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ මෙම ජාවාරමේ සැකකරුවන් කොටු කරගැනීමේ මෙහෙයුමට මුල සිටම සම්බන්ධ වූයේ හිරු ප්‍රවෘත්ති සී අයි ඒ කණ්ඩායමයි. ජාවාරම් කරුවන් පොලිස් අත්අඩංගුවට ගැනීම සජීවීව පටිගත කළ දර්ශන රැසක් ඊයේ දිනයේත් හිරු ටී වී ප්‍රවෘත්ති තුළින් අප විකාශය කළා. අද රාත්‍රී 7 හිරු ටී වී ප්‍රවෘත්ති තුළින් මෙම ජාවාරම කොටු කරගත් ආකාරය දැක්වෙන දර්ශන සියල්ල විකාශය කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.



ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට 200mm ඉක්ම වූ වැසි
Wednesday, 27 May 2020 - 7:24

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ආසාදිතයින් 137 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More