ලංකා අයි. ඕ. සී. සමාගම සමග ගිවිසුම යළි සළකා බැලේ.

Monday, 06 May 2013 - 13:07

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.++%E0%B6%95.+%E0%B7%83%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අතර 2003 වසරේදී අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම යළි සළකා බැලීමට ලක් රජය තීරණය කර ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත අද අනාවරණය කළා. ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාවට එරෙහිවීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස්වලින් තුනෙන් එකක ප්‍රමාණයක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතු වනවා. ඒ යටතේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ පරිපාලනය හිමිව ඇත්තේද ලංකා ඉන්දියන් ඔයිල් සමාගමටයි. මෙම ගිවිසුම මගින් වසර 35 ක කල්බදු ක්‍රමයක් යටතේ එම තෙල් ටැංකි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට පියවර ගැනුනා.

 

කෙසේ වෙතත් මෙම ගිවිසුම යළි සළකා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි එම වාර්තා සඳහන් කළේ. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ඊට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට මැයි මාසය දක්වා අවස්ථාව ලබාදී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධනවලට අනුව මෙම ගිවිසුමට තවත් ශ්‍රී ලාංකීය ආයතනයක් මැදිහත්කරගත යුතු බවයි ප්‍රකාශ වී ඇත්තේ. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හවුල්කරුවන් ලෙස කටයුතු කළ යුතු වනවා. ඊට උදාහරණයක් ලෙස පෙන්වා දී ඇත්තේ ඉන්දීය තාප බලශක්ති සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර සාම්පූර් බලාගාරය සම්බන්ධයෙන් ඇති කරගෙන ඇති එකඟතාවයයි.

 

 

මෙම කරුණ සම්බන්ධයෙන් වන සාකච්ඡා දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින බවද ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

 
කෙසේ වෙතත් පළව ඇති මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් සහ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.



ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට 200mm ඉක්ම වූ වැසි
Wednesday, 27 May 2020 - 7:24

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයන්... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More