අසාත් සාලිට නිදහස ඉල්ලීම පළක් නැහැ. - හුළුගල්ල.

Monday, 06 May 2013 - 13:13

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%84%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD.

අත්අඩංගුවට ගත් අසාත් සාලි නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමෙන් පළක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. අත්අඩංගුවේ සිටින තම පියා නිදහස් කරන ලෙස අසාත් සාලිගේ දියණිය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඊයේ ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් අද (06) පැවති මාධ්‍ය හමුවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ අසාත් සාලි අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවේ සඟරාවකට ඔහු සිදුකළ ප්‍රකාශයක් බවයි.  

[MP3]s58448_1[/MP3]                   

රඳවා තබාගැනීමේ නියෝග මත ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවද ලක්‍ෂ්මන් හුළුගල්ලේ සඳහන් කළා. ආහාර ගැනීමෙන් වැළකී සිටි අසාත් සාලි ඊයේ සිට නැවත ආහාර ලබාගැනීම ආරම්භ කළ බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

rn

[MP3]s58448_2[/MP3]



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More