වර්ෂාව මැයි මාසය පුරා.

Monday, 06 May 2013 - 13:15

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F.

දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ මාසය පුරා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ හේතුවෙන් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි දිවයිනේ සෑම ප්‍රදේශයකටම අපේක්ෂා කළ හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

[MP3]s58449_1[/MP3]             

ගිගුරුම් සහිත වැසි පවතින විට තදබල අකුණු ඇතිවිය හැකියි. ඒ සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවන ලෙසයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

rn

[MP3]s58449_2[/MP3]            

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් හාරසිය හැත්තෑ නමයකට අයත් පුද්ගලයින් 2, 212 ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 81 කට අයත් පුද්ගලයින් 331 දෙනෙකු අවතැන්ව ඇති අතර කඳවුරු 4 ක රඳවා ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීම සිදුකරන බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක්ද තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා. අද (06) උදෑසන සිට පැවති වර්ෂාපතනය හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය තුඩැල්ල සහ දඩුගම පාලම ආසන්නයෙන් ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට බාධා එල්ලවුණා.

කෙසේ වෙතත් මේ වනවිට මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් කියා සිටියේ.



බෙලරුස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Friday, 29 May 2020 - 6:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන්... Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක්
Friday, 29 May 2020 - 6:07

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More