අසාද් සාලිට මූල්‍ය වංචා චෝදනා.

Monday, 06 May 2013 - 19:04

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

කොළඹ මහ නගර සභාවේ හිටපු උපනගරාධිපති අසාද් සාලිට එරෙහිව මූල්‍ය වංචා හා සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් තවත් චෝදනා රැසක් පවතින බව පොලීසිය අද (06) අනාවරණය කළා. එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනුණේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවේ සඟරාවකට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවයි. කෙසේ වෙතත්, අසාද් සාලිට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් වව්නියාවේ ඊයේ (05) පැවැති උත්සවකදී ප්‍රකාශ කළා. අධිකරණ අමාත්‍යවරයා හා කොළඹ අද (06) පැවැති මාධ්‍ය හමුවේදී කොළඹ හිටපු උපනගරාධිපති අසාද් සාලි පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන දැක්වූ අදහසයි මේ.

[MP3]s58467_1[/MP3]                                                

දේශපාලන පලි ගැනීමක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් ඊයේ (05) වව්නියාවේ පැවැති උත්සවයේ දී කියා සිටියේ. ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ ඊට කොළඹ අද (06) පැවැති මාධ්‍ය හමුවේ දී පිළිතුරු ලබා දුන්නා.  
 
[MP3]s58467_2[/MP3]                                                                           

මේ අතර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අන්තර් ජාල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අසාද් සාලිට නීතිඥ සහාය ලබා ගැනීම සඳහා අවකාශයක් ලබාදෙන ලෙස ලක් රජයෙන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම අසාද් සාලිට එරෙහි ක්‍රියාමාර්ගවලදී ඔහුට නීතියේ රැකවරණය හිමි විය යුතු බවත් ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.
 
මේ අතර, රහස් පොලීසිය විසින් ප්‍රශ්න කිරීම සදහා රැගෙන යනු ලැබූ අසාද් සාලි අද (06) නැවත වරක් රෝහල් ගත කෙරුණා. ඔහු කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කළ බවයි අසාද් සාලිගේ පවුලේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 62 ලක්ෂය ඉක්මවයි
Monday, 01 June 2020 - 6:54

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 62 ලක්ෂ... Read More

දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Monday, 01 June 2020 - 6:03

සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Monday, 01 June 2020 - 5:56

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More