කූන්ඩන්කුලම්ට ඉන්දියාවේ ඉහළ උසාවියේ අවසර.

Monday, 06 May 2013 - 19:12

%E0%B6%9A%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.

තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදිකෙරෙන මතභේදකාරී කූන්ඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමට අවසර දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝගයක් නිකුත් කළා. මෙම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමෙන් ඉන්දියාවේ ආර්ථිකයට වාසි රැසක් අත්වන බවයි එම නියෝගය ලබාදෙමින් විනිසුරුවරුන් පෙන්වා දී ඇත්තේ. මෙම බලාගාරය සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව තහවුරු අන්දමින් ඉදිකෙරෙන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහසයි. කූන්ඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවමින් පසුගිය සතියේ ඉන්දීය අධිකරණයක් නියෝගයක් නිකුත් කළා. කෙසේ වුවත් කූන්ඩන්කුලම් බලාගාරයට එරෙහි ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා මෙතෙක් නතර වී නොමැති බව වාර්තා වන්නේ. ඉන්දියාවේ සහ රුසියාවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කූන්ඩන්කුලම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශවයන්ගෙන් ද විරෝධතා එල්ල වුණා. විශේෂයෙන්ම පරිසර සංවිධාන මෙන්ම හිටපු විදුලිබල සහ බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක ද මෙම බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සිටියා.

කූන්ඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන.
 
[MP3]s58469[/MP3]



ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ලිපි ලේඛණ සැකසූ අයෙක් රිමාන්ඩ්
Thursday, 04 June 2020 - 16:59

ජනාධිපතිවරයාගේ අත්සන ව්‍යාජ ආකාරයෙන් යොදා ගනිමින් ලිපි... Read More

විදේශයන්හි සිට පැමිණෙන්නන් PCR ප්‍රතික්ෂේප කළොත් යළි හරවා යැවීමේ තීරණයක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 16:56

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 16:27

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More