ඇමති ඩිලාන්ට එරෙහි විශ්වාසභංගය හෙට.

Monday, 06 May 2013 - 19:57

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.

විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව හෙට (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතයි. පසුගිය පෙබරවාරි මස 19 වන දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත මෙම විශ්වාසභංග යෝජනාව භාර දෙනු ලැබුවේ රිසානා නෆීගේ ජීවිතය බේරා ගැනීමට අමාත්‍යවරයා අවශ්‍ය කටයුතු සිදුනොකළ බව සඳහන් කරමින්. හෙට (07) පැවැත්වෙන දෝෂාභියෝග විවාදය පිළිබද අදහස් දැක්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා.

[MP3]s58475_1[/MP3]                                                                                  

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ ද මෙම දෝෂාභියෝගයට පක්ෂව ජන්දය ලබාදීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ජන්දය භාවිත කරනු ඇති. හෙට පාර්ලිමේන්තුවේ දී මෙම විශ්වාසභංගයට අදාළ යෝජනාව විවාදයට ගැනීමෙන් අනතුරුව පස්වරුවේ දී ජන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.  

මේ අතර, සැත්කමක් සිදුකර සෞදි අරාබියේ සිට නැවත දිවයිනට එවූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ මීට මාස 7කට පෙර එරට ගෘහ සේවය සඳහා පිටත්ව ගිය අම්බලන්ගොඩ - රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක්. ප්‍රියාණි මෙන්ඩිස් නැමැති ඇය පසුගිය අප්‍රේල් මස 26 වන දා යළි මෙරටට පැමිණ ඇති අතර, එතැන් සිට ප්‍රතිකාර ලබා ඇත්තේ මීගමුව රෝහලේදියි. ඇයට සැත්කමක් සිදුකර ඇති බවට අනාවරණය වූයේ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

ඇය 5 දරු මවක් වන අතර ඇගේ ස්වාමි පුරුෂයා කුලී රැකියාවල යෙදී සිටිනවා. මීට පෙර ද ඇය කිහිප වතාවක් විදෙස්ගතව සිටි බවයි ඇගේ සැමියා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. කෙසේ වෙතත්, තම බිරිදගේ මරණය සැකසහිත බැවින් ඒ පිළිබද පරීක්ෂණයක් සිදුකරන ලෙස ද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා.

[MP3]s58475_2[/MP3]    

rn

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය කියා සිටියේ මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.  

[MP3]s58475_3[/MP3]  



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More