ටී.එන්.ඒ. ලියාපදිංචියට නීතිමය බාධාවක්.

Tuesday, 07 May 2013 - 7:39

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීමට බාධාවක් වී ඇත්තේ නීතිමය තත්ත්වයක් බව එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ. සුමන්දිරන් පවසනවා. දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ මතභේදකාරී තත්ත්වයක් හටගෙන ඇත්තේ ඒ හේතුවෙන්. එම සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වන ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් හෙවත් තමිල් අරුසු කච්චි මෙම ලියාපදිංචියට සිය විරෝධය පළ කර තිබෙනවා. කෙසේ වුවත් අනෙකුත් පාර්ශවකරුවන් වන ටෙලෝ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටී.යූ.එල්.එෆ්. යන පක්ෂ මේ වන විට ෆෙඩරල් පක්ෂය නොමැතිව දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීමට සූදානම්වනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ටෙලෝ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන එම්.කේ. සිවාජිලිංගම්.

[MP3]s58484_1[/MP3]                                                                       

පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා මෙරට ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇත්තේ ජනවාරි මාසයේදී එය සිදුකිරීමටයි. මැතිවරණ කොමසාරිස්වරයා විසින් වසරේ අනෙකුත් මාසවලදී ඒ සදහා අවසර ලබාදීමට නීතිමය ප්‍රතිපාදන නොමැතිබවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා සදහන් කළා.

[MP3]s58484_2[/MP3]
 
ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු ද වන එම්.ඒ. සුමන්දිරන් දෙමළ සන්ධාන ලියාපදිංචියට විරෝධය දක්වන ෆෙඩරල් පක්ෂයේ සාමාජිකයෙක්.



ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා
Wednesday, 27 May 2020 - 11:04

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම 7 වන දිනටත් ඇරඹේ
Wednesday, 27 May 2020 - 10:50

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More

රාජිතගේ ඇප අයදුම සලකා බැලීම වෙනත් අධිකරණයකට මාරු කෙරේ
Wednesday, 27 May 2020 - 10:48

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන්... Read More