තෙල් සැපයුම නතරවීමෙන් විදුලිය අර්බුදයක.

Tuesday, 07 May 2013 - 7:43

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A.



විදුලිබල මණ්ඩලයට දින කිහිපයක සිට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයේ අර්බුදයක් හටගෙන ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉන්ධන නොමැතිවීමෙන් කෙරවලපිටිය සහ කැළණිතිස්ස බලාගාරවල නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි. බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය නිකුත් කිරීමට මහවැලි අමාත්‍යාංශය මගින් අවසර ලබා නොදීමෙන් ජල විදුලි නිෂ්පාදනයට ද බාධා පවතින බව ඔහු සදහන් කළා. මේ නිසා සමස්ත විදුලිබල නිෂ්පාදනය ප්‍රමාණාත්මක නොවීම විදුලි සැපයීමට බාධාවක් වනු ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

 
මේ පිළිබදව විමසීම සදහා විදුලිබල මණ්ඩල සභාපතිවරයා සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට අප කිහිප විටක්ම උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More