දිගම්බරන්, සෙන්දිල් තොණ්ඩමන් බණ්ඩාරවෙල දී ගැටේ.

Tuesday, 07 May 2013 - 13:10

%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.



තම ආධාරකරුවන් පිරිසකට ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන්ගේ ආධාරකරුවන් පිරිසක් පහර දී ඇතැයි කම්කරු ජාතික සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන් පවසනවා. අද (07) අලූයම බණ්ඩාරවෙල - පූනාගල වතුයායේ දී මෙම පහරදීම සිදුව ඇති බවටයි ඔහු චෝදනා කළේ. නිවසක රැදී සිටි තම ආධාකරුවන්ට සෙන්දිල් තොණ්ඩමාන්ගේ ආධාරකරුවන් බරපතල ලෙස පහර දී ඇති බව ද දිගම්බරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

 [MP3]s58512[/MP3]

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබද ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමන් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළ ඔහු ඒ පිළිබද සොයා බලන බව ද ප්‍රකාශ කළා.

 
සිද්ධිය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධනගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ අද (07) අලූයම ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තුන්දෙනා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. පහරදීමට පැමිණි පුද්ගලයන් සතුව තිබූ වාහනයක් ද කොස්ලන්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.



ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 02 June 2020 - 13:25

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන්... Read More

කොරෝනා නිසා සංචාරක කර්මාන්තයේ ආදායම, සියයට 70කින් පහළට
Tuesday, 02 June 2020 - 13:19

පසුගිය මාර්තු මාසයේ මෙරට ආනයනයන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 13:03

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More