මණ්ඩලයේ නව යෝජනාව උපයෝගීතා කොමිසම ඉවත දමයි.

Tuesday, 07 May 2013 - 13:11

%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.

ජනාධිපතිවරයා විසින් විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට උපදෙස් දීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කළ නව විදුලි ගාස්තු ක්‍රමවේදය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව යළිත් වරක් නව ගාස්තු ක්‍රමයක් සකස් කර එවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දුන් බවයි මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ඉහළ දැමූ විදුලි ගාස්තු පහත දමන බව ජනාධිපතිවරයා කම්කරු දිනය යෙදුණු පසුගිය මැයි 1 වන දා ප්‍රකාශයට පත් කළේ කොළඹ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළියේදියි. එහිදී විදුලි ඒකක 60 දක්වා විදුලි බිලෙහි මිල වැඩි කිරීමක් සිදුනොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා ලබා දුන් නියෝගයට අනුව ලංකා විදුලිබල මණ්ඩලය නව ගාස්තු ලියවිල්ලක් සකස් කර මහජන උපයෝගීතා කොමිසම වෙත ඒවා තිබුණා. එහෙත් එහි විදුලි ඒකක 30 සිට 60 දක්වා සියයට 33ක වැඩි කිරීමක් සිදුකර තිබූ බවයි මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ. ඒ අනුව ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ජනාධිපතිවරයා ඒකක 60 දක්වා කිසිදු වැඩිකිරීමක් සිදුනොකරන ලෙස උපදෙස් ලබාදී තිබීම හේතුවෙන්.

මේ අතර, කොළඹ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී විදුලිබිල වැඩිකිරීමට එරෙහි මහජන ව්‍යාපාරයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ ජනාධිපතිවරයා විදුලි ඒකක 60 දක්වා මිල වැඩි නොකරන ලෙස ප්‍රකාශ කළත්, නව ගාස්තු ක්‍රමවේදයේ සියයට 20කින් විදුලිබිල ඉහළ ගොස් ඇති බවයි.

 [MP3]s58513[/MP3]



Monday, 25 May 2020 - 19:39

කොව්ඞ් 19 වෛරසය ව්‍යාප්තිවීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණපා... Read More

දින 66කට පසු කොළඹ සහ ගම්පහ හෙට විවෘත වෙයි
Monday, 25 May 2020 - 19:30

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

කුවේට් සිට පැමිණි තවත් 16කට කොරෝනා - මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහලට
Monday, 25 May 2020 - 19:16

කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව... Read More