අද සවසත් වැසි. - ජලාශ 3ක වාන් දොරටු විවෘතයි.

Tuesday, 07 May 2013 - 13:22

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+3%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

පවතින වැසි සහ දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට වැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කොළඹ, ගම්පහ, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට එලෙස බලපෑම් එල්ල වී ඇති අතර, පවුල් 5419කට අයත් පුද්ගලයන් 23,002 පීඩාවට පත්ව සිටිනවා. නිවාස 6කට අර්ධ හානි සිදුවී තවත් එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. පවතින ආපදා තත්ත්වය පිළිබද අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

[MP3]s58514_1[/MP3]                                                                              


මේ අතර, ජල මට්ටම ඉහළ යාම නිසා පරාක්‍රම සමුද්‍රයේ, වෙහෙරගල ජලාශයේ සහ ලූණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් අදාළ ජලාශවල පහළ කොටසේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ක් විවෘත කර ඇති අතර එහි ජලය අඹන් ගඟ හරහා මහවැලි ගඟට මුදා හැරෙනවා. එසේම වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර එම ජලය මුදා හැරෙන්නේ මැණික් ගඟටයි. ලූණුගම්වෙහෙර ජලාශයේ ද වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති අතර එහි ජලය කිරිඳිඔයට මුදා හැරෙනවා. එම ගංඟා භාවිත කරන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර වැඩිදුරටත් කියා සිටියා.  

[MP3]s58514_2[/MP3]                                                                             

අද (07) පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න කියා සිටියේ වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමට ඉඩ ඇති බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

[MP3]s58514_3[/MP3]

බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ඇති වී තිබෙන අවපීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට වර්ධනයවීමට ඉඩ ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද අද (07) ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු තීරයේ සුළි කුණාටුවක සලකුණු දැනටමත් දක්නට ලැබෙන බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.
 

මේ අතර, කොළඹ - බියගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පෙතියාගොඩ දී ප්‍රදේශවාසීන් විසින් අද (07) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, ඊයේ (06) ඇද හැලූණු ධාරාණිපාත වර්ෂාවෙන් තම නිවාස ජලයෙන් යට වූ බව පවසමින්. ප්‍රදේශයේ ඉදිකෙරෙන ලූණු කර්මාන්ත ශාලාවක් සඳහා පහත්බිමක් ගොඩකිරීම මගින් මෙම තත්ත්වය ඇති වූ බවයි උද්ඝෝෂණයේ නිරත ජනතාව පෙන්වා දුන්නේ.

 
[MP3]s58514_4[/MP3]



රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි, නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි
Friday, 29 May 2020 - 13:06

මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත්... Read More

කොරෝනා පාලනය සාර්ථක බැවින් මැතිවරණය පැවැත්විය හැකියි - එස්.බී.
Friday, 29 May 2020 - 13:03

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා රජය ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ... Read More

කුවේටයෙන් පැමිණි 3 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි
Friday, 29 May 2020 - 12:55

විදේශගතව සිට දිවයිනට පැමිණ කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 3 දෙනෙකු... Read More