විදුලියට තෙල් දීම නවතා නැහැ - ඇමති අනුරයාපා.

Tuesday, 07 May 2013 - 19:06

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F.



ලංකා විදුලිබල මණ්ඩලයේ තාප බලාගාරවලට ඉන්ධන ලබාදීම නතර කර නැතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කළා. විදුලිය නිපදවීමට අවශ්‍ය තරම් ඉන්ධන තොගද තමන් සතුව තිබෙන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

විදුලිබල මණ්ඩලයට දින කිහිපයක සිට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයේ අර්බුදයක් හටගෙන ඇති බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ (06) ප්‍රකාශ කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්ධන නොමැතිවීමෙන් කෙරවලපිටිය සහ කැළණිතිස්ස බලාගාරවල නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි. බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය නිකුත් කිරීමට මහවැලි අමාත්‍යාංශය මගින් අවසර ලබා නොදීමෙන් ජල විදුලි නිෂ්පාදනයට ද බාධා පවතින බව ඔහු සදහන් කළා. මේ නිසා සමස්ත විදුලිබල නිෂ්පාදනය ප්‍රමාණාත්මක නොවීම විදුලි සැපයීමට බාධාවක් වනු ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

මේ පිළිබදව විමසීම සදහා විදුලිබල මණ්ඩල සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අප කිහිප විටක්ම උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ. කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය අද (07) කළ විමසීමකදී ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, ජනාධිපතිවරයා විසින් විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට උපදෙස් දීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කළ නව විදුලි ගාස්තු ක්‍රමවේදය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි අද වාර්තා වුණා. ඉහළ දැමූ විදුලි ගාස්තු පහත දමන බව ජනාධිපතිවරයා කම්කරු දිනය යෙදුණු පසුගිය මැයි 1 වන දා ප්‍රකාශයට පත් කළේ කොළඹ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළියේදියි. එහිදී විදුලි ඒකක 60 දක්වා විදුලි බිලෙහි මිල වැඩි කිරීමක් සිදුනොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා ලබා දුන් නියෝගයට අනුව ලංකා විදුලිබල මණ්ඩලය නව ගාස්තු ලියවිල්ලක් සකස් කර මහජන උපයෝගීතා කොමිසම වෙත ඒවා තිබුණා. එහෙත් එහි විදුලි ඒකක 30 සිට 60 දක්වා සියයට 33ක වැඩි කිරීමක් සිදුකර තිබූ බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

මේ අතර, කොළඹ අද පැවති එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හමුවේදී එහි මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ ඒකක 60 ක් දක්වා භාවිත කරන ජනතාවට ලබාදුන් සහනයෙන් කිසිදු ප්‍රතිඵලයක් අත්නොවන බවයි.

[MP3]s58538_1[/MP3]                        

කෙසේ වෙතත්, සමෘද්ධිලාභීන් ඇතුළු ලක්ෂ ගණනකට එමඟින් වාසි ලැබෙන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය ප්‍රකාශ කළා. එහිදී අදහස් දැක්වු එම සංගමයේ සභාපති පළාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඞී. ජගත් කුමාර.

[MP3]s58538_2[/MP3]                  

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද (07) විදුලිබිල වැඩි කිරීමට එරෙහිව විරෝධතාවල නිරත වුණා. බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම බත්තරමුල්ලේ මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට පළාත් සභා කාර්යාලය දක්වා පැමිණියේ පන්දම් දල්වාගෙනයි. එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඔවුන් ඉදිරියට පැමිණීමත් සමග දෙපිරිස අතර තරමක උණුසුම් තත්ත්වයක්ද මතුවුණා. වයඹ පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ද පන්දම් දල්වාගෙන සභා ගර්භයට පැමිණ විරෝධය දැක්වීම විශේෂත්වයක්.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අතර විශේෂ සාකච්ජාවක් අද (07) පැවැත්වුණා. එහිදී විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු කරුණක් සාකච්ජා නොවුනු බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s58538_3[/MP3]       

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව වෘත්තීය සමිති විසින් ලබන 21 වැනිදා සිදුකරන වැඩ වර්ජනයට සහය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ අද (07) තීරණය කළා. වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මෙලෙස අදහස් පළ කළා.

[MP3]s58538_4[/MP3]



රාජිත සේනාරත්න ජුනි 10 දක්වා රිමාන්ඩ්
Wednesday, 27 May 2020 - 13:38

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන්... Read More

බද්ද වැඩිවීමෙන් අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට
Wednesday, 27 May 2020 - 13:20

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම හේතුවෙන් වෙළඳපොලේ සීනි ඇතුලු... Read More

ලතින් ඇමරිකාව අවදානමේ - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්
Wednesday, 27 May 2020 - 13:19

කොරෝනා වෛරසයේ මීළඟ අපකේන්ද්‍රය ලතින් ඇමරිකානු රටවල් වනු... Read More