කාන්තා හිංසනය ගැන විපක්ෂ නායක කොමිසමේ වාර්තාව මැතිසබයට.

Wednesday, 08 May 2013 - 7:50

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7.


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ සොයා බැලීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ ස්වාධීන කොමිසමේ සාමාජිකයින් කතානායක චමල් රාජපක්ෂ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී හමුවුණා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොමිසමේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරියක් වන ප්‍රියානි විජේසේකර සඳහන් කළේ තම කොමිසම කාන්තා හිංසනය වැළැක්වීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීමට බලාපොරොත්තු වන බවයි. මාස 06 ක් ඇතුළත එම වාර්තාව සකස් කර කතානායකවරයාට සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරයාට ලබාදෙන බවද ඇය සඳහන් කළා. ගැටළුවලට මුහුණ දී ඇති කාන්තාවන්ට මෙන්ම   ඕනෑම පුද්ගලයෙකුට මෙම කොමිසම හමුවේ කරුණු දැක්විය හැකි බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
 
[MP3]s58549[/MP3]



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More