අයහපත් කාලගුණය තවදුරටත්.

Wednesday, 08 May 2013 - 8:03

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න පැවසුවේ බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පැවැති පීඩන තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

[MP3]s58551_1[/MP3]

පසුගිය දිනවල පැවැති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පුද්ගලයින් එක් ලක්ෂ 8000 කට අධික සංඛ්‍යාවක් තවදුරටත්  පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සදහන් කළේ  පීඩාවට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

[MP3]s58551_2[/MP3]

 
මේ අතර, ජල මට්ටම ඉහළ යාම නිසා පරාක්‍රම සමුද්‍රයේ, වෙහෙරගල ජලාශයේ සහ ලූණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු තවමත් විවෘතව ඇති බැවින් ජලාශවල පහළ කොටසේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ක් විවෘත කර ඇති අතර එහි ජලය අඹන් ගඟ හරහා මහවැලි ගඟට මුදා හැරෙනවා. එසේම වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර එම ජලය මුදා හැරෙන්නේ මැණික් ගඟටයි. ලූණුගම්වෙහෙර ජලාශයේ ද වාන් දොරටු කිහිපයක් තවමත් විවෘත කර ඇති අතර එහි ජලය කිරිඳිඔයට මුදා හැරෙනවා. එම ගංඟා භාවිත කරන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර වැඩිදුරටත් කියා සිටියේ.



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More