ඩෙංගු මර්ධනයට දිස්ත්‍රික් සංවර්ධන කමිටු.

Wednesday, 08 May 2013 - 8:21

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94.

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සහයෝගය ලබා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ චක්‍රලේඛයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යැවීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉදිරි මාස 02 තුළ ඩෙංගු මර්දනය කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අවස්ථාවට ඊයේ (07) කොළඹ දී එක්වෙමින්.

මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගීන් 11,100 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී  ඇති අතර, ඉන් රෝගීන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර, මහනුවර, පුත්තලම, යාපනය වැනි දිස්ත්‍රික්ක වැඩි වශයෙන් ඩෙංගු ව්‍යාප්ත වන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉදිරි කාලය තුළ ඩෙංගු රෝගය වර්ධනය විය හැකි බැවින් එය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s58556[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More