අද පස්වරුවේත්, වැසි.

Wednesday, 08 May 2013 - 13:42

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර කියා සිටියේ ඊයේ (07) පස්වරුවන වනවිට පුද්ගලයන් එක් ලක්ෂ අටදහසක් පමණ පීඩාවට පත්ව සිටි බවයි. මේ වනවිට පීඩාවට පත්ව ඇත්තේ පවුල් 22,720 ක පුද්ගලයින් 89,865 ක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s58569_1[/MP3]                                                             

අද සන්ධ්‍යා කාලයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න කියා සිටියේ මෙම තත්ත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවයි.
 
[MP3]s58569_2[/MP3]                       

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කියා සිටියේ මේ වනවිට පරාක්‍රම සමුද්‍රය, ලූණුගම්වෙහෙර ජලාශය සහ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බවයි.
 
[MP3]s58569_3[/MP3]



උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More