ලි.ප. සහකාර වෛද්‍යවරු හා විකිරණශිල්පීන් අකුරට වැඩ.

Wednesday, 08 May 2013 - 14:12

%E0%B6%BD%E0%B7%92.%E0%B6%B4.+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B6%AB%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9.

රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් මෙන්ම රජයේ විකිරණ ශිල්පීන් ද අද (08) දිනයේ දිවයින පුරා සියලූ රෝහල්වල අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. වෛද්‍ය සේවාවට ලබා දෙන සන්නිවේදන දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරු පසුගිය 08 වැනිදා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. පසුව, පෙරේදා සිට එය අඛන්ඩ වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කිරීමටයි එම සංගමය තීරණය කළේ. කෙසේ වුවත්, සන්නිවේදන දීමනාවෙන් සියයට 50 ක් ලබාදීමට සෞඛ්‍ය බළධාරින් පොරොන්දුවීම නිසා වැඩවර්ජනය අත්හැර අද සිට නැවත වරක් අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම් වෛද්‍ය මහින්ද ලියනගේ සඳහන් කළේ.

[MP3]s58575_1[/MP3]              

මේ අතර, අවදානම් දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින්, රජයේ විකිරණ ශිල්පීන් ද දිවයින පුරා අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විකිරණ හා තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයේ ලේකම් ධර්මරත්න ඈපා පැවසුවා.

[MP3]s58575_2[/MP3]     

සෞඛ්‍ය සේවකයන්ගේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද විමසීමක් කළා. එහිදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලූව මේ වනවිට බොහෝදුරට විසඳා ඇති බවත්, විකිරණ ශිල්පීන්ගේ වෘත්තීය සම්බන්ධයෙන් තිබෙන ගැටලූව පිළිබඳව අද සවස විශේෂ සාකච්ඡාවක් සිදුකරන බවයි.



මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්
Saturday, 30 May 2020 - 9:58

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි... Read More

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 173ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 9:30

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය... Read More