දැයට කිරුළ මුදල් වංචාවේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට.

Thursday, 09 May 2013 - 7:35

%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

පසුගියදා අම්පාරේදී පැවැත්වූ දැයට කිරුළ 2013 ජාතික ප්‍රදර්ශනයේ ඉදිකිරීම්වලින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරීවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය ඊයේ කොළඹදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ වසරේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේ ඉදිකිරීම් කටයුතුවලින් රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් වී තිබුණා. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසිනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ. අත්අඩංගුවට පත් සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 
මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙමින් සඳහන් කළේ දැයට කිරුළ ලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරිනියක් ලෙස කටයුතු කළ කාන්තාවකට එරෙහිව පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More