ජනපති උපදෙසින් සැකසූ විදුලි බිල, උපයෝගීතා කොමිසම සළකා බැලීම අද.

Thursday, 09 May 2013 - 7:39

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%2C+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි බිලට ලබාදුන් සහනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම අද (09) සළකා බැලීමට නියමිතයි. ඊයේ දිනයේදී එය සළකා බැලීමට නියමිතව තිබුණු අතර අද දිනය දක්වා එය කල් දැමුණු බවයි එම කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ජනාධිපතිවරයා ලබාදුන් සහනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළා. එහෙත් එමගින් ඒකක 60ට අඩු පාරිභෝගිකයන්ටත් සියයට 33 ක පමණ විදුලි බිලේ ඉහළ යාමක් යෝජනාවී තිබූ බවයි වාර්තාවුණේ. මේ නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප වූ බව උපයෝගීතා කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියා. මේ අනුවයි විදුලි බල මණ්ඩලය යළි යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ.

 
විදුලිබල මණ්ඩලයේ නව යෝජනාව අනුව ඒකක 0 සිට 30 දක්වා ඒකකයට අය කෙරෙන්නේ කලින් පැවති රුපියල් 3 ක ගාස්තුව පමණයි. ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන්නේද කලින් පැවති ඒකක මිල වන රුපියල් 4 යි ශත 70 බැගින්. එවිට ඒකක 30 දක්වා විදුලි බිල රුපියල් 142 යි ශත 50 ක් බවට පත්වනවා. ඒකක 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයකට රුපියල් හතරයි ශත හැත්තෑව බැගින් අයවන නිසා මාසික බිල රුපියල් 412 යි ශත 50 ක් බවට පත්වන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. එහෙත් ගාස්තු සංශෝධනයට පෙර එහි මාසික බිල්පතේ අගය රුපියල් 371 යි ශත 85 ක්.



වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

තවත් PCR පරීක්ෂණ 1347ක්
Tuesday, 26 May 2020 - 10:41

මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56 දහස ඉක්මවා ගොස්... Read More