මු. කො. නැගෙනහිර පළාත් මන්ත්‍රීවරු නායකත්වයට දුක කියයි.

Thursday, 09 May 2013 - 12:40

%E0%B6%B8%E0%B7%94.+%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

නැගෙනහිර පළාත් සභාව තුළ කටයුතු කිරීමේදී තමන්ට ගැටළු රැසක් මතුවී ඇතැයි එම පළාත් සභාව නියෝජනය කරන ශ්‍රිී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙනවා. පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මේ බව කියා සිටියා. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායමට අමතරව නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද එක්ව සිටියා.

 

නැගෙනහිර පලාත් සභාවේ සියලූම මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 37 ක්. එයින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විසි දෙදෙනෙකු සිටිනවා. මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරුන් ඊට ඇතුළත්. මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 7 ක්.

 

කෙසේ වෙතත් තම මන්ත්‍රිවරුන්ට නැගෙනහිර පළාත් සභාවේ කටයුතු කිරීමේදී දැඩි දුෂ්කරතාවයකට පත්වීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී, අස්ලම් සලීම් මොහොමඞ් කියා සිටියා.

 

[MP3]s58640[/MP3]



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More