21 වැනිදා අස්වැන්න අලෙවි කිරීමෙන් වළකින්න. ගොවීන් වෙත ඉල්ලීමක්.

Thursday, 09 May 2013 - 12:42

21+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


විදුලිබිල වැඩිකිරීමට විරෝධය දක්වමින් 21 වැනිදා වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුව විසින් පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට සහය දැක්වීම සඳහා සියලූම ගොවීන් තම අස්වැන්න අලෙවි කිරීමෙන් වළකින ලෙස සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඉල්ලා සිටිනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ සඳහා වෙළඳ ප්‍රජාවගේ ද සහය අවශ්‍ය වන බවයි.

[MP3]s58641_1[/MP3]                                                                    

ඉහළ දැමූ විදුලිබිල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන පාර්ලිමේන්තු, කල් තබන අවස්ථා විවාදය අද පැවැත්වෙනවා. අද පැවැත්වෙන විවාදය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කරුණු පැහැදිලි කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග.

[MP3]s58641_2[/MP3]

මේ සම්බන්ධයෙන්, අප නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩිගෙන් ද විමසීමක් කළා.

[MP3]s58641_3[/MP3]

ඉහළ ගිය විදුලිබිල සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 23 වැනිදා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියා. එහිදී, විපක්ෂය විදුලිබිලට විරෝධය පළ කරමින් සභා ගර්භයේ ඉටිපන්දම් දල්වා විරෝධතාවයක ද නිරත වුණා. ඒ අනුව, පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණේ ඉහළ ගිය විදුලිබිල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගෙන එන කල්තැබීමේ විවාදය අද පස්වරුවේ පැවැත්වීමටයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි බිලට ලබාදුන් සහනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම අද දිනයේදී සළකා බැලීමට නියමිතයි.

විදුලිබල මණ්ඩලයේ නව යෝජනාව අනුව ඒකක 0 සිට 30 දක්වා ඒකකයට අය කෙරෙන්නේ කලින් පැවති රුපියල් 3 ක ගාස්තුව පමණයි. ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන්නේද කලින් පැවති ඒකක මිල වන රුපියල් 4 යි ශත 70 බැගින්. එවිට ඒකක 30 දක්වා විදුලි බිල රුපියල් 142 යි ශත 50 ක් බවට පත්වනවා. ඒකක 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයකට රුපියල් හතරයි ශත හැත්තෑව බැගින් අයවන නිසා මාසික බිල රුපියල් 412 යි ශත 50 ක් බවට පත්වන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. එහෙත් ගාස්තු සංශෝධනයට පෙර එහි මාසික බිල්පතේ අගය රුපියල් 371 යි ශත 85 ක්.



ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More

ජනාවාසකරණය වන දෙවනගල (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:19

ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:53

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට... Read More