පොදුරඳ මඩුලූ සමුළුව වර්ජනය කරන්නැයි ඉන්දියාවට බලපෑම්.

Thursday, 09 May 2013 - 18:48

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.



ලබන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉන්දියාව සහභාගි නොවිය යුතු බව, දකුණු ඉන්දීය දේශපාලන පක්ෂයක් වන විඩුතලයි සිරුත්තයිගල් පක්ෂය ප්‍රකාශ කර තිබෙනවා. එම පක්ෂයේ නායක තොල්තිරුමාවලවන් ඉන්දීය මධ්‍යම රජයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට, බ්‍රිතාන්‍ය මහ රැජිණ සහභාගි නොවන බව ප්‍රකාශ කර ඇති බැවින් ඉන්දියාව ද සමුළුව වර්ජනය කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට ඉන්දියාව සහභාගි වන්නේ නම් එය තමිල්නාඩුවේ සහ මෙරට දෙමළ ජනතාව පාවාදීමක් ලෙස ද විඩුුතලයි සිරුත්තයිගල් පක්ෂයේ නායක තොල්තිරුමාවලවන් හඳුන්වාදී තිබෙනවා.

 

කෙසේ වෙතත්, බකිංහැම් මාලිගය පසුගියදා නිවේදනය කළේ බ්‍රිතාන්‍ය මහරැජින වෙනුවට ඇය නියෝජනය කරමින් චාල්ස් කුමරු සමුළුවට සහභාගි වනු ඇති බවයි. මෙය මහරැජින සතු වගකීම් මීළඟ රජ පවුලේ රාජකීය උරුමකරු වෙත පැවරීමක් විය හැකි බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා කැනඩාව සහභාගි නොවන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. එහෙත්, පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙරට පැවැත්වෙන සමුළුව සඳහා සහභාගි වන බව තහවුරු කර තිබෙනවා.



ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:48

අමෙරිකාවේ මිනෙසෝටා හිදී නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස්... Read More

UNP සාමාජිකයන්ට වෙනත් පක්ෂයක් පෝෂණය කරන්න බෑ - වජිර (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:31

එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකයන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන්... Read More