ගැබිණි මව්වරුන් 37 දෙනෙකුට ඉන්ෆ්ලූවෙන්සා.

Friday, 10 May 2013 - 13:09

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+37+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F.



අප්‍රේල් මාසයේ සිට මැයි 08 වැනිදා දක්වා ඉන්ෆ්ලූවෙන්සා රෝගය වැළඳුණු පුද්ගලයන් 232 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අප්‍රේල් මාසයේදී 121 දෙනෙකු එලෙස වාර්තා වී ඇති අතර, මැයි මාසයේදී 111 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙම දෙසිය තිස් දෙදෙනා අතරින් 37 දෙනෙකු ගැබිණි මව්වරුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ඉන්ෆ්ලූවෙන්සා රෝගයේ අවදානම වැඩි වශයෙන් බලපෑ හැකි පාර්ශව කිහිපයක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. ගැබිණි මව්වරුන්, වයස අවුරුදු 08 ට අඩු දරුවන් සහ වයස අවුරුදු 60 වැඩි වැඩිහිටියන් ඒ අතර ප්‍රධානයි. අධි රුධිර පීඩනය, පිළිකා රෝග සහ හෘද රෝගවලින් පෙලෙන පුද්ගලයන්ටද මෙම වෛරසය අවදානම් සහගත ලෙස බලපෑමක් ඇති කළ හැකි වනවා. එම නිසා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ දිනකට වැඩි කාලයක් පවතී නම් වහාම රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා. මේ අතර, ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිවෛරස ඖෂධ මේ වනවිට සියලූ රජයේ රෝහල් වෙත ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.



කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම්දෙන්න
Thursday, 04 June 2020 - 7:24

දිවයිනේ විවිධ ස්ථානවලින් වාර්තාවන කහ තිත් පළඟැටියන් ගැන... Read More

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 7:21

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක්... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 66 න් 35ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්
Thursday, 04 June 2020 - 7:08

ඊයේ වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 66 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ... Read More