මාතලේ මිනී වල ගැන ප්‍රකාශ.

Friday, 10 May 2013 - 19:25

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81.

මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අධිකරණය අද (10) නියෝග කළා. ඒ, ඊට අදාළ පෙත්සම් 13ක් අද (10) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදියි.

           

අද (10) නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ පෙත්සම් ගොනු කර තිබූ පෙත්සම්කරුවන් 13 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියා. පසුගිය බදාදා දිනයේ දීයි ඔවුන් මෙම පෙත්සම් ගොනු කළේ. 1988 - 89 සමයේ අතුරුදන්වූ පුද්ගලයින්ගේ ඥාතීන් පිරිසක් වූ පෙත්සම්කරුවන් එමගින් ඉල්ලා තිබුණේ තම ඥාතීන්ගේ අස්ථි කොටස් මෙම මිනී වලේ ඇති බවට සැක කෙරෙන බැවින් ඒවා පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. ඒ අනුව අද (10) දිනයේ කරුණු සලකා බැලූ මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මාතලේ පොලිස් අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ පෙත්සම්කරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි. මැයි 14 වන දින එම කටයුතු සඳහා යොදා ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. එසේම පෙත්සම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂනය ඉදිරියට සිදුකරගෙන යන බව මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා අද (10) කියා සිටියා. යළි නඩුව මැයි 31 වන දා විභාගයට ගැනෙනු ඇති.  

 

පෙත්සම්කරුවන් පෙනුවෙන් නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥයින් 10 දෙනෙකු අද (10) ඉදිරිපත් වී තිබෙනවා. නඩු විභාගයෙන් අනතුරුව ඒ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල.

 

[MP3]s58735[/MP3]                                                                    

 

2012 වසරේ නොවැම්බර් 23 වැනි දා මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවළ සොයා ගත්තේ එහි ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදියි. පසුව මිනිස් ඇට සැකිලි 154ක අස්ථි කොටස් වරින් වර හමුවුණා. ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ මෙම අස්ථි කොටස් 1987 - 1990 කාලයට අයත් බවයි.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More