පේරාදෙනිය සරසවියේ අර්බුදය අවසන්.

Friday, 10 May 2013 - 18:49

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විශ්වවිද්‍යාලය තුළ ආරම්භ කර තිබූ විරෝධතා ක්‍රියාමාර්ග අද (10) නිමාවට පත් කළා. ඊයේ (9) දිනයේ දී සිසුන් විශ්වවිද්‍යාල සනාථන සභාව පිහිටා තිබෙන ගොඩනැගිලි සංකීර්ණය වටලනු ලැබුවා. ඒ, සිසුන් 34කට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස සහ නේවාසික පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.

 

කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දිමුතු ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අද (10) දිනයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සමග ශිෂ්‍ය නියෝජිතයන් සාකච්ඡාවක් පැවැත්වූ බවයි. එම සාකච්ඡාවේදී තම ඉල්ලීම්වලට විසදුම් ලැබුණු බවයි ඔහු කියා සිටියේ.

 
[MP3]s58741_1[/MP3]                                                                             

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ නවකවදය සම්බන්ධයෙන් පන්ති තහනම් කර ඇති සිසු සිසුවියන් 34 දෙනාගේ විනය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට පියවර ගන්නා බවයි.

 
[MP3]s58741_2[/MP3]



කිසිදු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නෑ
Thursday, 04 June 2020 - 11:01

ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් කිසිදු... Read More

සුවය ලැබූ නාවික සාමාජිකයින් ගණන 426 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 10:40

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින්... Read More

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට ලැබෙන විශේෂ සහනය
Thursday, 04 June 2020 - 10:36

ද ෆිනෑන්ස් සමාගම ඈවර කිරීමේ කටයුතු කෙරෙන තෙක් සමාගමේ සියලුම... Read More