ශ්‍රී ලංකාවත් ඒ.ටී.එම්. වංචාකරුවන්ගේ ඉලක්කයක්.

Friday, 10 May 2013 - 18:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මෙම ශතවර්ෂයේ සිදුවූ විශාලතම ඒ.ටී.එම්. මුදල් වංචාවේදී, වංචාකරුවන්ගේ ඉලක්කගත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාවද පත්ව ඇති බව ඇමරිකානු ෆෙඩරල් පොලිසිය අද (10) සඳහන් කළා. මෙලෙස රටවල් 26 ක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාවේ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් 08 දෙනෙකු විසින් මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් කාඞ්පත්වල තොරතුරු සොරාගෙන ඒ හරහා ඒ.ටී.එම්. යන්ත්‍රවලින් ඇමරිකානු ඩොලර් මිලියන 45 ක මුදලක් මොවුන් විසින් වංචා කර තිබුණා. ඔවුන් රටවල් 26 කදී මෙලෙස ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් වංචා කර ඇති අතර ශ්‍රී ලංකාව ද එහි එක් ස්ථානයක්. මෙම මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ සඳහා ජපානය, කැනඩාව, එක්සත් රාජධානිය, රුමේනියාව සහ තවත් රටවල් 12ක පොලිස් පරීක්ෂකයන් එක්ව තිබෙනවා. වෙනත් රටවලින්ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කුමන රටවල වැසියන් දැයි මෙතෙක් අනාවරණය කර නැහැ.

 

හිරු ප්‍රවෘත්ති අංශය මෙම මූල්‍ය වංචාව හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් විමසා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන මහාචාර්ය රොහාන් සමරජීවගෙන්.

 

[MP3]s58744_1[/MP3]                                                          

 

මෙවැනි වංචාවලින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව ද ඔහු පැහැදිලි කිරීමක් කළා.

 
[MP3]s58744_2[/MP3]



නිරෝධායනය අවසන් කළ තවත් 58ක් අද පිට වේ
Monday, 01 June 2020 - 8:22

ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන... Read More

ඊයේ ආසාදිතයන් 13 ක් - මෙරට කොරෝනා රෝගීන් 1,633 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 7:50

ඊයේ දිනයේ නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින්... Read More

කසළ තේ කිලෝ 17,643ක් අල්ලයි
Monday, 01 June 2020 - 7:42

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය... Read More