කරුණානිධි නැවතත් ශ්‍රී ලංකාවට එරෙහිව.

Saturday, 11 May 2013 - 7:47

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80.

ලබන නොවැම්බර් මාසයේ කොළඹ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉන්දියාව විසින් වර්ජනය කළ යුතු යැයි තමිල්නාඩුවේ ඞී.එම්.කේ පක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධි ඊයේ (10) නැවතත් ප්‍රකාශ කළා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඒ සඳහා අනෙකුත් රටවල් එක් කර ගැනීමට ඉන්දියාව මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවයි. ඒ පිළිබද ඉන්දීය රජය විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවත් කරුණානිධි කියා සිටියා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට මිතුරු රටක් ලෙස සහභාගිවීමෙන් යුද්ධයේ අවසන් සමයේ දී සිදුවී යැයි කියන මානව හිමිකම් උල්ලංගණය කිරීම් ඉන්දියාව විසින් අනුමත කරන බවක් පෙනී යා හැකියි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉන්දියාවේම කොටසක් ලෙස හැදින් වූ කරුණානිධි කියා සිටියේ ඔවුන් වෙත මිතුරුදම පළ කිරීම ඉන්දියාවේ වගකීමක් බවයි. මහරැජිණ කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවී චාල්ස් කුමරු ඒ සඳහා එවීම වැදගත් පියවරක් ලෙස ද කරුණානිධි හැදින්වූවා. කෙසේ නමුත් බකිංහැම් මාළිගය නිවේදනය කළේ මහරැජිණ සමුළුවට සහභාගිවීම ශ්‍රී ලංකාවේ දේශපාලනයට අදාළ තීරණයක් නොවන බවයි.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More