ජනපති උගන්ඩාවේ චාරිකාවකට නික්මෙයි.

Saturday, 11 May 2013 - 7:55

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිළ සංචාරයක් සදහා උගන්ඩාව බලා ඊයේ (10) රාත්‍රියේ පිටත්ව ගියා. ජනාධිපතිවරයා එහිදී උගන්ඩා ජනාධිපති යෝවේරි මුසවේනි සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුවේ සමාරම්භක අවස්ථාවට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන බවයි ජනාධිපති ප්‍රකාශක සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සදහන් කළේ. මීට අමතරව මසුලීටා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ උගන්ඩා සීනි සමාගම නැරඹීමට ද ජනාධිපතිවරයා මෙම චාරිකාවේ දී එක්වන බව ජනාධිපති ප්‍රකාශක සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්. 1972 දී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ වූ අතර පසුගිය 2012 වසරේ සහ 2013 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිිමිකම් කවුන්සිල සැසි වාරයන්හිදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය පළ කළා.



ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:50

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල... Read More

අගමැති මහින්ද වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ සජිත් සැසඳිය නොහැකියි - නවීන් දිසානායක (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:40

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට
Tuesday, 02 June 2020 - 19:34

ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව... Read More