උතුරේ ඡන්දයට ජවිපෙ සූදානම්.

Saturday, 11 May 2013 - 12:55

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

උතුරු පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයට තම පක්ෂය තරඟ වැදීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ සෑම පළාත් සභාවකම මැතිවරණ පැවැත්වූ ආකාරයෙන් උතුරු පළාත් සභා මැතිවරණය ද පැවැත්වීම සාධාරණ බවයි.

 

[MP3]s58772_1[/MP3]

 

ඒ අනුව, බෙදුම්වාදයට එරෙහිව තම පක්ෂය දරන මතයේ සිට එම මැතිවරණයට තරග වැදීමට සූදානම් බව විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

 

[MP3]s58772_2[/MP3]

 

කෙසේ වුවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක සහ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ පසුගිය දිනෙක ප්‍රකාශ කර සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් ඊලාම් රාජ්‍යයක් සඳහා අවස්ථාව උදා වන බවයි.

 

[MP3]s58772_3[/MP3]

 

විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සමඟ සමීපව දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියා. ඊට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 
[MP3]s58772_4[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More