ආණ්ඩුවේ සෑම පියවරකටම එරෙහිව එජාපයෙන් සටන්.

Saturday, 11 May 2013 - 12:57

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A.

ආණ්ඩුවේ සෑම ක්‍රියාමාර්ගයකටම එරෙහිව සටන් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. මීගමුව නගරයේ එක්සත් ජාතික පක්ෂ දොරින් දොරට සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ ආරම්භක අවස්ථාවට අද (11) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ආණ්ඩුවට එරෙහිව සටනේ පළමු පියවර ලෙස ලබන 15 වැනිදා පැවැත්වෙන විදුලිබිල ඉහළ දැමීමට එරෙහි විරෝධතාවටත්, 21 වැනිදා පැවැත්වෙන සංකේත වැඩවර්ජනයටත් සහය දක්වන බව විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

[MP3]s58773[/MP3]