මහසෙන් සුළි කුණාටුවේ අවදානම තවමත්.

Saturday, 11 May 2013 - 18:36

%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A.

බෙංගාල බොක්ක ආශ්‍රිතව හට ගෙන ඇති සුළි කුණාටුව මේ වනවිට මහසෙන් ලෙස නම් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම සුළි කුණාටුව දැනට පොතුවිල් වෙරළට කිලෝමීටර් 900 ක් දුරින් ස්ථානගතව ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. මෙලෙස සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇත්තේ මීට දින 5 කට පමණ පෙර බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වූ අඩුපීඩන තත්ත්වයයි.

මේ වනවිට මහසෙන් සුළි කුණාටුව එය පිහිටි ස්ථානයේ සිට උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර් 300 කට දුරින් වූ ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස ඔහු ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.

[MP3]s58787_1[/MP3]

මෙම සුළි කුණාටුවෙන් දිවයිනේ අභ්‍යන්තර කාලගුණයට දැඩි බලපෑමක් සිදුනොවන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

[MP3]s58787_2[/MP3]



පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ගැන එජාපයෙන් නිවේදනයක්
Wednesday, 27 May 2020 - 12:45

වෙනත් පක්ෂයක් හරහා මහා මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කළ... Read More

නල්ලතන්නිදී කළු කොටියාට උගුල ඇට වු සැකකරුවා අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 12:05

ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින්... Read More

ජලාශ කිහිපයක අවට සිටින ජනතාවට අනතුරු ඇඟවීම්
Wednesday, 27 May 2020 - 11:58

අද දිනය තුල බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල... Read More