ප්‍රභාකරන්ගේ පාසල් මිතුරෙකු පාපොච්චාරණයක.

Saturday, 11 May 2013 - 18:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A.

කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිකුල් සහගත බව ඔහුගේ පාසල් කාලයේ මිතුරෙකු සහ ප්‍රබල එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ ගුණසුන්දරම් ජෙයසුන්දරම් ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මහාධිකරණයේදී ඊයේ (10) ප්‍රකාශයක් සිදුකරමින්.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය අද (11) ඔහුගේ ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වුණේ ජෙයසුන්දරම් කොටිනායක ප්‍රභාකරන්ගේ පාසල් අවධියේ සිටම මිතුරෙකු වන බවයි. ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයට අවශ්‍ය යුධ උපකරණ වන්නියට එවා ඇති අතර කොටි සංවිධානය වෙනුවෙන් නැවක් ද මිලදී ගෙන තිබෙනවා.

මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව ඔහු කොටි සංවිධානයට සහය දැක්වූ ආකාරය පිළිබඳ කරුණු රැසක් අනාවරණය වුණා. ප්‍රභාකරන්ගේ මිතුරු ගුණසුන්දරම් ජයසුන්දරම් ප්‍රකාශ කළේ තමන් පාසල් කාලයේ සිටම කොටි නායකයා ඇසුරු කළ බවයි. එසේම, මුහුදු කොටි නායකයා යැයි කිවූ සුසෙයි මෙන්ම, තමිල් සෙල්වම් ද තමන් මුණ ගැසුණු බවත්, ලන්ඩනයේ සිට කොටි සංවිධානයේ අවි ගනුදෙණු මෙහෙයවූ බවත්, ජයසුන්දරම් ප්‍රකාශ කරනවා. පසුව, සිංගප්පූරුවේ සමාගම් දෙකක් හරහා දෙමළ ඩයස් පෝරාවෙන් එල්.ටී.ටී.ඊ ය වෙත ලැබුණු මුදල් යොදා ගෙන අවි ගණුදෙණු සිදුකළ බවයි ඔහු හෙළි කර ඇත්තේ. ස්විට්සර්ලන්තය, කැනඩාව සහ සිංගප්පූරුව යන රටවලින් වැඩි වශයෙන් එම ආධාර ලැබී තිබෙනවා. කොටි සංවිධානයට අවි ප්‍රවාහනය කිරීම සඳහා තමන් නෞකාවක් ද මිලදී ගත් බව මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා සඳහන් කළා.

කෙසේ වෙතත්, සිය විශේෂ ප්‍රකාශය මගින් ඔහු අවධාරණය කළේ පසුකාලීනව ප්‍රභාකරන් තමාට පිළිකුල් වූ බවයි. දමිළ දේශානුරාගය නිසා කොටි සංවිධානයට සහය දැක්වූ බවත්, වෙනම රාජ්‍යයක් ඉල්ලා බෙදුම්වාදී අදහස් වැපිරවීමෙන් වැළකිය යුතු බවත්, ප්‍රභාකරන්ගේ පාසල් මිතුරා සඳහන් කරනවා. දෙමළ ඩයස් පෝරාවේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අවාසිය පිණිස නිරන්තරයෙන් හේතුවන බව ප්‍රකාශ කරන ගුණසුන්දරම් ජෙයසුන්දරම් තමන් පුනරුත්ථාපනය වීමට කැමති බව ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.



මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More