නවාස් ෂරීෆ් ජයගන්නා ලකුණු.

Sunday, 12 May 2013 - 8:09

%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%93%E0%B7%86%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.



පාකිස්ථානයේ සිවිල් රජයන් අතර ප්‍රථම වරට බලය හුවමාරු වන තීරණාත්මක මහ මැතිවරණයෙන් හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ඉදිරියට පැමිණ සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා. ඡුන්ද ගණන් කිරීම තවදුරටත් සිදුකෙරෙන අතර, නිල ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නැහැ. එහෙත්, නිල නොවන ප්‍රතිඵලවලට අනුව පෙනී ගොස් ඇත්තේ පාකිස්ථාන පාර්ලිමේන්තුවට ඍජුව පත් කර ගැනෙන ආසන 272 අතුරෙන් සියයට වැඩි සංඛ්‍යාවක් නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට හිමිවනු ඇති බවයි. පාකිස්ථානයේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රචන්ඩ ස්වරූපයක් ගත් අතර ඊයේ මැතිවරණ දිනයේ කරච්චි නුවර සිදුවූ තලේබාන් ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

ඊයේ පැවති මැතිවරණයේ ඡුන්ද ප්‍රකාශ කිරීමට සියයට 60 ත් 80 ත් අතර පවතිනු ඇති බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 2008 වසරේ එය පැවතුනේ සියයට 44 ක් ලෙසයි. පාකිස්ථානයේ ජනගහනයෙන් සියයට 60 ක් පමණ කේන්ද්‍රගත වී ඇති පන්ජාබ් ප්‍රාන්තයේ වැඩි බලයක් නවාස් ෂරීෆ්ට හිමිව ඇති අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ද ඉහළ ජන ප්‍රසාදයක් හිමිකර ගෙන ඇතැයි වාර්තා වනවා. ජනාධිපති අසිෆ් සර්දාරිගේ පාකිස්ථාන මහජන පක්ෂයට දෙවන ස්ථානය සඳහා ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂය සමඟ තියුණු සටනක යෙදීමට සිදුව ඇති බව සඳහන්. හිටපු අගමැති, රාජා පර්වේස් අශ්රෆ්, සිය රාවල්පින්ඩි අසුනෙන් දරුණු පරාජයකට ලක්ව තිබෙනවා.



ඉන්දුනීසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තා වේ
Saturday, 06 June 2020 - 16:33

දිනක් තුළදී ඉන්දුනීසියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින්... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉතාලිය අභිබවයි
Saturday, 06 June 2020 - 10:29

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ප්‍රංශ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට
Saturday, 06 June 2020 - 9:43

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල්,... Read More