ශ්‍රී ලංකා මුහුදට යන්න එපා. ඉන්දීය ධීවරයන්ට අවවාද.

Sunday, 12 May 2013 - 12:36

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.



ජාත්‍යන්තර මුහුදු සීමාව අභිබවා ගොස් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු නොවන ලෙස ඉන්දීය මධ්‍යම රජයේ තමිල්නාඩු පරිපාලන නිලධාරියා තමිල්නාඩු ධීවරයන්ට අනතුරු ඇඟවීමක් කළා. දකුණු ඉන්දීය ධීවරයන්ට මේ දිනවල මුහුදු යාම තහනම් වන අතර මත්ස්‍ය වර්ධනය සඳහා වෙන් කෙරුණු එම දින 45 කාලය ලබන මැයි 29 වැනිදායින් අවසන් වනවා. ඊට පෙර ධීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වූ දිස්ත්‍රික් පරිපාලක කේ. නන්දකුමාර් කියා සිටියේ මුහුදු සීමාව අභිබවා යන ධීවරයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. එමෙන්ම නීතිවිරෝධී මසුන් මැරීමේ ක්‍රම සහ දැල් වර්ග යොදා නොගන්නා ලෙසද ඔවුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීමේදී මත්ස්‍ය ගහණය පමණක් නොව කොරල් පර සහ පරිසරයද විනාශ වන බව උතුරේ ධීවරයන් එල්ල කරන චෝදනාවක්.

 

මේ අතර ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දුපත යලි ඉන්දියාවට පවරා ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජයට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලමින් කරුණානිධිගේ ඞී.එම්.කේ පක්ෂය එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. එම පෙත්සම ගොනුකරමින් ඞී.එම්.කේ පක්ෂයේ නායක එම්.කරුණානිධි ප්‍රකාශ කර තිබෙන්නේ කච්චතිව් දුපත ඉන්දියාවට පවරා නොගැනීම නිසා ඒ අවට ධීවර කටයුතුවල නිරත වන තමිල්නාඩු ධීවරයින් ගැටලූ රැසකට මුහුණපා ඇති බවයි.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More