බස් සංගමයක් 21 වන දා වර්ජනයට කැමැත්ත පළ කරයි.

Sunday, 12 May 2013 - 18:45

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+21+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඉහළ ගිය විදුලිබිලට එරෙහිව ලබන 21 වැනි දින ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය තීරණය කර තිබෙනවා. එම සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

[MP3]s58843_1[/MP3]

කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහය දක්වන්නේද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමය ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරන තිබෙනවා. ඒ පිළිබඳව හෙට (13) දිනයේදී සිය විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවයි එහි ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ කියා සිටියේ.   

rn

[MP3]s58843_2[/MP3]

මේ අතර ගුරු සංගම් හා ගුරුවරුන් බිය වද්දමින් ආණ්ඩුව මානසික යුද්ධයක් ආරම්භ කර ඇති බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව රජයට චෝදනා කරනවා. ඉහළ ගිය විදුලි බිල සම්බන්ධයෙන් ගන්නා වූ වෘත්තීය ක්‍රියාමාර්ග දැනුවත් කිරීම සඳහා කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව ප්‍රකාශ කළා.

[MP3]s58843_3[/MP3]

කෙසේ වෙතත් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධනගෙන් විමසීමක් කළා. මේ එහිදී ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.



එජාප අර්බුදය ගැන අදත් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:42

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ... Read More

මහා මැතිවරණය ගැන අදහස්  (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:38

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

මැනිලා අගනුවර විවෘත වෙයි
Monday, 01 June 2020 - 13:23

කොරෝනා වසංගතයත් සමඟ ලොව වැඩිම කාලයක් වසා දමා තිබූ නගරයක්... Read More